හම්බන්තොට වරායේ දෛනික කටයුතු සඳහා නාවික හමුදාවෙන් තවදුරටත් සහය.
 

හම්බන්තොට වරාය පරිශ්‍රරයේ පසු ගිය (10) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ අතර, එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කරන ලදි. මෙම වරාය සේවකයින්ගේ විරෝධතාවය හේතුවෙන් හම්බන්තොට වරායේ දෛනික කටයුතු වලට විශාල වශයෙන් බාධා එල්ල වු අතර, මේ වන විට එහි දෛනික කටයුතු සාර්ථකව කර ගෙන යාමට නාවික හමුදාව සිය දායකත්වය තවදුරවත් ලබා දි තිබේ.

නාවික හමුදාවේ 200 කට අධික සංඛ්‍යාවක් හම්බන්තොට වරායේ සේවයට යොදවා ඇති අතර, සිංගප්පුර්වට අයත් ‘එම්වී හොයැන්ගර්’ නැමති වෙළද නෞකාවේ ඇති භාණ්ඩ ගොඩබැම් කටයුතු ඉතා කාර්යක්ෂමව මේ වන විට සිදු කර ගෙන යනු ලබයි. මෙම නෞකාව අයත් සමාගම හට වරාය සේවකයින්ගේ විරෝධතාවය හේතුවෙන් විශාල නැව් ප්‍රමාද ගාස්තුවක් දැරීමට සිදු වු අතර, මෙහි ඇති සියලු භාණ්ඩ ගොඩබැමෙන් පසු ඊලඟ නැවතුම් වරාය වන ආර්ජන්ටිනාවේ කැම්පානා වරාය බලා පිටත් විමට නියමිතව ඇත.