වැදගත් සිදුවීම්

දෙවන අධි තාක්ෂණික නෞකාව නැවත දියත් මඟට ගැනේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන දෙවන අධි තාක්ෂණික නෞකාව දියත් කිරීම පසු ගිය 15 වෙනිදා ඉන්දියාවේ ගෝවා නැව් තඨාකාංගණයේදී සිදු කෙරුණු අතර, එම නෞකාව නැවත දියත් මඟට ගැනිම නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා ප්‍රධානත්වයෙන් ඊයේ (16) සිදු කෙරුණි.

17 Dec 2016

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ පළමු අදියරේ, ඊයේ (16) පස්වරුවේ රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 22 - 8 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය

17 Dec 2016

හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනිම සම්බන්ධව රජයෙන් නාවික හමුදාවට ප්‍රශංසා
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පෙරේදා (15) ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේදී හමුවු අතර, එහිදි හම්බන්තොට වරායේ නෞකා මුදා ගැනීමේ මෙහෙයුමට අදාල විශේෂ වාර්තාවක් අගමැතිතුමන් හට භාර දෙන ලදි.

17 Dec 2016