වැදගත් සිදුවීම්

තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත සිවිල් ජනතාව වෙනුවෙන් නාවික හමුදාව ප්‍රජා සත්කාරක සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතී.

18 Dec 2016

හයිපීරියන් හයිවේ ‍නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවාගැනිම සම්බන්ධයෙන් නාවික හමුදාවට පැසසුම්.
 

2016 දෙසැම්බර් මස 10 දින හම්බන්තොට වරාය පරිශ්‍රයේ විරෝධතාකරුවන්ගේ ග්‍රහනයේ තිබු ‘හයිපීරියන් හයිවේ’ නැමති වාහන ප්‍රවාහන කිරිමේ විශාල ඝණයේ ‍නෞකාව විරෝධතාකරුවන්ගෙන් මුදවා ගෙන එහි ඊලග නැවතුම වන ඕමානය බලා යාත්‍රා කිරීමට සැලැස්විම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාපති සහ සමස්ථ නාවික හමුදාව වෙත සිය ප්‍රශංසාව සහ විශේෂ ස්තූතිය කවසාකී කීසෙන් කයිෂා නැව් සමාගම විසින් ප්‍රකාශ ‍කර ඇත.

18 Dec 2016

නාවික හමුදාව විසින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 19 ක් සොයා ගැනේ
 

ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත් පුන්කුඩුතුවු හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් සහ ඩෙල්ෆ් දූපතේ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා වසභ ආයතනයට අනුයුක්ත බුද්ධි අංශ නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) සිදු කරන ලද සෝදිසි කිරීමක දී ඩෙල්ෆ් දුපතේහි, ඔත්තපානෙයි ප්‍රදේශයේ සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 17 ක් සොයා ගන්නා ලදී.

18 Dec 2016

නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලූ ධීවරයින් 5 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරුමැද නාවික විධානයට අයත් මන්නාරමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (17) පල්ලෙමුනායි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

18 Dec 2016