වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමන් ‘ජපන්, ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාවට’ සහභාගී වෙයි
 

ශ්‍රී ලංකාව සහ ජපානය අතර ආරක්‍ෂක සහයෝගිතාවය සමාලෝචනය කිරීම සඳහා පැවැත් වූ ‘ජපන් ශ්‍රී ලංකා ආරක්‍ෂක සහයෝගීතා කථිකාව’ අද (20) කොළඹ, ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි.

20 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් විසිඑක් දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (19) ඉලත්තඩිය, තලවිල, උච්චමුනිය සහ ඉප්පන්තිව් යන මුහුදු ප්‍රදේශයන්හිදී වලංගු ධීවර බලපත්‍ර රහිතව සහ තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ලාංකික ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

20 Dec 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනේ

ඩෙල්ෆ්ට් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 7 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (20) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.

20 Dec 2016