ජාතික රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2016 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 17 සහ 18 යන දෙදින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.

මෙවර එම තරඟාවලිය සඳහා දිවයිනේ දක්ෂ ක්‍රීඩා සමාජ රැසක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 75 දෙනෙකු සහභාගී වූ අතර, රුවල් යාත්‍රා 58 ක් පමණ එක්කොට තිබිණි. එම කණ්ඩායම් සියල්ල අභිබවමින් නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම විසින් ඔවුන් සහභාගී වූ සෑම තරඟ අංශයකින්ම පළමු සහ දෙවන ස්ථාන දිනා ගෙන ඇත.