ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ සහ නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා කන්කසන්තුරය වෙත රැ‍ගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට නියමිතය.