වැදගත් සිදුවීම්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

ඩෙල්ෆ් දූපතට වයඹ සහ නිරිත දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 17 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 3 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

21 Dec 2016

හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 9 කට නාවික හමුදාවේ සහායේ
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 20 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකාවන්ගේ මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

21 Dec 2016

ජාතික රුවල් ඔරු තරඟාවලියේ ජයග්‍රහණ රැසක් නාවික හමුදාවට

ජාතික රුවල් යාත්‍රා සංගමය මගින් සංවිධානය කරනු ලැබූ 2016 ජාතික රුවල් යාත්‍රා තරඟාවලිය පසුගිය 17 සහ 18 යන දෙදින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වූ අතර, ඉන් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායම සමත් විය.

21 Dec 2016

අනතුරට පත් ධීවරයින් 6 දෙනෙකු ‍බේරා ගැනේ

ධීවර කටයුතු සඳහා තංගල්ල ධීවර වරායෙන් පිටත් වූ “ඉෂානි 1” නමැති බහු දින ධීවර යාත්‍රාව අද (21) උදෑසන වෙළඳ නෞකාවක ගැටී අනතුරකට පත්වී තිබූ අතර, එහි සිටි ලාංකික ධීවරයින් 6 දෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව සමත් විය.

21 Dec 2016

ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ඉදිකළ මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය විවෘත කෙරේ.

වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතන‍යේ අභිනවයෙන් ඉදි කරන ලද මහල් 8 කින් යුත් නව නිලධාරී නිවස්නය, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා‍ගේ ආරාධනයෙන්, ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතින් ඊයේ (20) විවෘත කෙරිණි.

21 Dec 2016

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනේ
 

තලෙයිමන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු සහ ට්‍රෝලර් යාත්‍රා 2 ක් නාවික හමුදාවේ සහාය ඇතිව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අද (21) අළුයම අත්අඩංගුවට ගන්නා ලදී.

21 Dec 2016