තවත් නෞකාවන් දෙකක් හම්බන්තොට වරායට
 

පසුගිය දෙසැම්බර් 10 වන දා සිට 21 වන දින දක්වා හම්බන්තොට වරායට පැමිණි වෙළඳ නෞකා 11 කට සිය මෙහෙයුම් කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා එහි ස්ථානගත කර සිටින නාවික පුද්ගලයන් විසින් මහත් සහයෝගයක් ලබා දෙමින් සිටී.

නාවික හමුදාව විසින්, හයිපේරියන් හයිවේ, හොයන්ගර්, ග්ලෝවීස් ෆීනික්ස්, වෑන්චෙරි, පර්ල් ඒස්, හැංග්ලියා, මෝනිං ක්‍රිස්ටිනා, පොසිටිව් බ්‍රේව් සහ ඩෙල්ෆිනස් ලීඩර් යන නෞකාවන් 9 ක මෙහෙයුම් සඳහා මෙසේ සහාය ලබා දෙන ලදී.

මීට අමතරව ඊයේ (21) දිනයේදීත් මෝර්නින් කෝර්නට් සහ රියුජින් නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාවන් 2 ක් හම්බන්තොට වරායට සේන්දු වූ අතර, මෙම නෞකා බොහෝමයක් ලොව ප්‍රමුඛ පෙළේ නෞකා සමාගම් වලට අයත් අති විශාල නෞකාවන් ලෙස හඳුන්වා දිය හැක.

“හයිපේරියන් හයිවේ” නෞකාව මුදා ගැනීමටත්, ඉන් අනතුරුව හම්බන්තොට වරායේ දෛනික මෙහෙයුම් කටයුතු ක්‍රමානුකූලව සිදු කර ගෙන යාමටත් නාවික හමුදාව ලබා දුන් දායකත්වය, ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර නෞකා සමාගම්වල විශ්වාසය නැවත තහවුරු කිරීමට සමත් වී ඇත.

මෝර්නින් කෝර්නට් නෞකාව
රියුජින් නෞකාව