කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) පුත්තලම පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී පාලවි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු කෙරිණි.