වැදගත් සිදුවීම්

කච්චතිව් දූපතේ නව දේවස්ථානය යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කෙරේ
 

ශ්‍රී ලාංකික මෙන්ම ඉන්දියානු ජාතික කතෝලික බැතිමතුන් විසින් තම ආගමික මුදුන් මල් කඩක් සේ සලකන කච්චතිව් දූපතේ නව ශාන්ත අන්තෝනි දේවස්ථානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් අද (23) යාපනය රෝමානු කතෝලික දියෝකීසිය වෙත ප්‍රදානය කරන ලදී.

23 Dec 2016

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 9 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී තහනම් ධීවර ආම්පන්න යොදා ගෙන නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016

කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයින් 2 දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, වයඹ නාවික විධානයට අයත්, පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (22) පුත්තලම පොලීසිය එක්ව සිදු කරන ලද වැටලීමකදී පාලවි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

23 Dec 2016