වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එහිදී, ඩිංගි යාත්‍රාවක්, වියළි මෝර වරල් කිලෝග්‍රෑම් 694 ක්, වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 367 ක් සහ GPS යන්ත්‍රයක් අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොළඹ රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.