වැදගත් සිදුවීම්

ගුවන් හමුදා පිල පරදා නාවික හමුදා රග්බි පිල ජයග්‍රහනය කරයි
 

ඩයලොග් ලීග් රග්බි 2016/17 තරඟාවලියේ දෙවන අදියරේ, අද (7) පස්වරුවේ වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේ පැවති තරඟයෙන් ගුවන් හමුදා පිල පරදවා ලකුණු 29 - 21 ක් ලෙස සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි පිලට හැකිවිය.

07 Jan 2017

ආපදා කළමණාකරණය යන තේමාව යටතේ සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය උතුරු නාවික විධානයේ දී පැවැත්වේ
 

ආපදා කළමණාකරණය යන තේමාව යටතේ උතුරු නාවික විධානය විසින් සංවිධානය කළ දෙවන ‘Table Top’ අභ්‍යාසය පසු ගිය (5) දින කන්කසන්තුරේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ විධාන නිලධාරි නිවාසයේ දී, උතුරු නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

07 Jan 2017

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදිකළ යාත්‍රා අංගනය සහ ප්‍රතිසංස්කරණය කරන ලද විධානය ගබඩා සංකීර්ණය විවෘත කෙරේ
 

නාවික තඨාකාංගනයේ අලුතින් ඉදි කරන ලද යාත්‍රා අංගනය නැගෙනහිර නාවික පෙදෙස භාර ආඥාපති සහ ධජ නිලධාරි නාවික දියත් විධානය රියර් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතාගේ සුරතින් පසු ගිය (5) වන දින විවෘත කරන ලදි.

07 Jan 2017

වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට සහ මුල්ලිකුලම් හි පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ (6) උච්චමුනේ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස වියළි මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

07 Jan 2017