වැදගත් සිදුවීම්

ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ හා සටන් ක්‍රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්‍රධානී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

ඉතාලි නාවික හමුදාවේ නෞකා නිර්මාණය කිරීමේ සහ සටන් ක්‍රම පිළිබඳ 7 වන කාර්යාංශ ප්‍රධානී, රියර් අද්මිරාල් පැස්ක්වාලෙ ඩි කැන්ඩියා මහතා අද (11) නාවික හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

11 Jan 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 53 ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් ඩෙල්ෆ් දූපතේ පිහිටි ශ්‍රී ලංකා නාවික‍ නෞකා වසභ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) ධීවර යාත්‍රාවක් සමග ඉන්දීය ජාතිකයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

11 Jan 2017

ඉතාලි නාවික හමුදාවේ “කැරබිනියරි” යුද නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඉතාලි නාවික හමුදාවේ “කැරබිනියරි” යුද නෞකාව සුහද සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.

11 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ශ්‍රී ලංකා නා‍වික නෞකා කැළණි ආයතනයෙන් ලද බුද්ධි තොරතුරකට අනුව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ මීගමුව අනුකණ්ඩයට අයත් නාවිකයන් පිරිසක් විසින් ඊයේ (10) මීගමුව මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

11 Jan 2017