කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (13) කේරළ ගංජා කිලෝග්‍රෑම් 3.5 ක් සමග පුද්ගලයන් 6 දෙනෙකු ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා‍ ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෑලියගොඩ පොලීසියේ සහාය ඇතිව එම ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයන් සහ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, වැල්ලවත්තෙහි පිහිටි වරුණ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ කාර්යය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී, පෑලියගොඩ ප්‍රදේශයේ යතුරු පැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග පුද්ගලයෙන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනිණි. එම පුද්ගලයන් සහ ‍ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා කොළඹ, මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.