කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) නාවික හමුදා අත්අඩංගුවට
 

බුද්ධි තොරතුරක් මත ක්‍රියාත්මක වූ නාවික හමුදාව, පොලීසියේ ද සහාය ඇතිව ඊයේ (25) කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.1 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගන්නා‍ ලදී.

ඒ අනුව, බටහිර නාවික විධානයට අයත්, ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් පෑලියගොඩ පොලිස් විශේෂ කාර්යය බළකායේ සහාය ඇතිව හුනුපිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පෑලියගොඩ පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, පමුණුගම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා කැලණි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ මධ්‍යම, මත්ද්‍රව්‍ය මැඩලීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ සෝදිසි කිරීමකදී, මීගමුව ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනිණි. එම පුද්ගලයා සහ ‍ගංජා තොගය ඉදිරි කටයුතු සඳහා මීගමුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.