‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එළිදකී
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.

එම අවස්ථාව සඳහා නාවික සහායක, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කපිතාන් රොහාන් ජෝශප් මහතාද එක්විය. නාවික පුද්ගලයින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම මෙන්ම නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබදව නාවික පුද්ගලයින් දැනුවත් කිරීමේ අරමුණින් යුතුව වත්මන් නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් මත එම සඟරාව ප්‍රකාශයට පත් කරනු ලබයි.