වැදගත් සිදුවීම්

‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එළිදකී
 

නාවික පුද්ගලයින්ගේ නිර්මාණ වලින් සමන්විත වූ ‘සයුරුසර’ සඟරාවේ 31 වන කලාපය එහි ප්‍රධාන සංස්කාරක ලුතිනන් කොමාණ්ඩර් රුවන් ප්‍රේමවීර මහතා විසින් අද (27) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විණි.

27 Jan 2017

‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථය නාවික හමුදාධිපතිතුමාහට පිළිගැන්වෙයි
 

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය විසින් නිර්මාණය කර එළි දක්වන ලද ‘Foot Prints on the Sands of time’ ග්‍රන්ථයේ පළමු පිටපත අද (27) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.

27 Jan 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 3 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත්, මන්ඩතිව් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (26) චිරුතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී, තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Jan 2017