ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ Kri Sultan Iskandar Muda – 367” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “Kri Sultan Iskandar Muda – 367” නැමති නෞකාව ඉන්ධන සහ සැපයුම් අවශ්‍යතාවයන් සඳහා අද (2) උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එහිදී එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව එහි අණදෙන නිලධාරී කොමාණ්ඩර් රියෝ හෙන්රි මුයුකෝ යම් මහතා බටහිර නාවික විධාන මූලස්ථානයේදී, විධාන ආඥාපති රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා හමුවී සුහද කතාබහක නිරත විය. එහිදී මෙම නිල හමුව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර, මෙම නෞකාව (5) වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.