ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවති මල් පෙරහැර සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී එක් වේ
 

33 වරටත් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්‌ථාන මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ගංගාරාම නවම් මහ පෙරහැරට සමගාමිව පැවත් වෙන මල් පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයේ දී අද (6) පැවැත්විය විය. සංස්කෘතික කලා අංග රැසක්, ප‍්‍රසංශනීය ස්වයං විනයකත්, මහා සංවිධාන ශක්තියකත්, අපූර්වතම නාට්‍ය වින්‍යාසයකින් යුතු සෞන්දර්යාත්මක පෙළහරකත් ප‍්‍රතිබිම්බයත් බඳුවූ කොළඹ නවම් මහා පෙරහර ආරම්භයට පෙර සත් දිනක් මුළුල්ලේ මල් පෙරහර පවත්වනු ලබයි. මල් පෙරහර පැවැත්වීම ගංගාරාමයේ නවම් මහා පෙරහරට පූර්ව ආශිර්වාදයක් කොට සලකයි.

ගංගාරාමාධිපති ආචාර්ය ගල්බොඩ සිරි ඤාණිස්සර හිමිපාණන්ගේ මඟපෙන්වීම යටතේ මෙම පෙරහැර පවත්වන ලදි. නාවික හමුදා තෙල්මේ නැටුම් කණ්‌ඩායමක් සහ හේවිසි කාණ්ඩායමක්ගෙන් සමන්විතව මෙම මල් පෙරහැර ගංගාරාම විහාරස්‌ථානයෙන් ආරම්භ වී සර් ඡේම්ස්‌ පීරිස්‌ මාවත ඔස්‌සේ අරලියගහ මන්දිරය ආශ්‍රිතව වැව වටා සංචාරය කර නැවත විහාරස්‌ථානයට පැමිණෙන ලදී.

මෙවර පෙරහැර සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා ද එක් වු අතර, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් විශාල පිරිසක් මේ පුණ්‍ය කටයුත්ත සඳහා සිය දායකත්වය ලබා දෙන ලදි.