වැදගත් සිදුවීම්

නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ ඉන්දියන් ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපති හමු වෙයි
 

ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කැප්ටන් අශෝක් රාඕ මහතා අද දින (7) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

07 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 31 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, සිලාවතුරෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (6) සිලාවතුර මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

07 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් පී 424 වේග ප්‍රහාරක යාත්‍රාවට අනුයුක්ත නාවික පුද්ගලයන් පිරිසක් විසින් ඊයේ (6) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

07 Feb 2017