වේදනා නාශක ඖෂධ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ  පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (7) වේදනා නාශක ඖෂධ පෙති 100 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

මෙම ඖෂධ පෙති මත්විම සඳහා භාවිතා කරන අතර, එම මත් පෙති තොගය නීති විරෝධී ලෙස ත්‍රීරෝද රථයකින් කොළඹ ප්‍රදේශයේ බෙදාහැරිම සඳහා ප්‍රවාහනය කරමින් සිටියදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා, ඖෂධ තොගය සහ ත්‍රීරෝද රථය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා පිටකොටුව පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.