කේරළ ගංජා කිලෝග්‍රෑම් 111 සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ශ්‍රී ලංකා පොලීසියේ ද සහාය ඇතිව සිදු කළ සෝදිසි කිරීම් වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 111 ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු ප්‍රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

ඒ අනුව, අද (11) උතුරු මැද නාවික විධානයට අයත් මන්නාරම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් මන්නාරම පොලීසියේ ද සහාය ඇතිව එම ප්‍රදේශයේ සිදු කළ සෝදිසියකදී වෑන් රථයක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 110 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත. එම ගංජා තොගය සහ පුද්ගලයන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, පුත්තලම පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් පුත්තලම පොලීසියේ සහාය ඇතිව ඊයේ (10) එම ප්‍රදේශයේ සිදු කළ ‍මෙහෙයුමකදී  යතුරුපැදියක් මගින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණිනි.  එම පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලීසිය වෙත භාර දීමට නාවික හමුදාව කටයුතු කර ඇත.