වැදගත් සිදුවීම්

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නාවික හමුදාව විසින් සිදු කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් ව්‍යාපෘතියක් වශයෙන් කැකිරාව බෝධිමළු රජමහා විහාරස්ථානයේ සහ මහියංගනය ගල්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපනය කරන ලද ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 2 ක් පසුගිය දිනයන්හිදී ජනතා අයිතියට පත් කෙරිණි.

11 Feb 2017

උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් දූපතේ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ප්‍රජා සත්කාරක හා සමාජ සේවාවන්හි තවත් එක් පියවරක් වශයෙන් උතුරු නාවික විධානයට අනුයුක්ත වෛද්‍ය අංශයේ නිලධාරීන් සහ නාවිකයන් විසින් ඊයේ (10) කරෙයිනගර් ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රයේදී විශේෂ ක්ෂේත්‍ර වෛද්‍ය සායනයක් පවත්වන ලදී.

11 Feb 2017

ස්වේච්ඡා නාවික හමුදාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනී
 

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් ඩබ්එම්ජේබී විජේකෝන් මහතා අද (11) වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

11 Feb 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 111 සමග පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරු අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ශ්‍රී ලංකා පොලීසියේ ද සහාය ඇතිව සිදු කළ සෝදිසි කිරීම් වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 111 ක් සමග පුද්ගලයන් 3 දෙනෙකු ප්‍රදේශ 2 කදී අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

11 Feb 2017