වැදගත් සිදුවීම්

පාකිස්තානයේ පැවති වැදගත් අවස්ථාවන් 2ක් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
 

පාකිස්තානයේ නිල සංචාරයක නිරත නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (12) අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසය - 2017 ට සමගාමීව පවත්වනු ලැබූ 7 වන ජාත්‍යන්තර සාගරික සමුළුව, ජාත්‍යන්තර ආරක්ෂක සේවා තූර්ය වාදක සංදර්ශණය සහ සාගරික ත්‍රස්තවාදය පිටුදැකීමේ අභ්‍යාසය යන ජාත්‍යන්තර වශයෙන් වැදගත් අවස්ථාවන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

12 Feb 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ඉලන්තඩිය සහ නොරච්චෝලෙයි යන මුහුදු ප්‍රදේශයන්හිදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

12 Feb 2017

අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) අලියවලෙයි කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ ගමන් මළු 2 ක බහාලූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

12 Feb 2017

228 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයන් 313 දෙනෙකු විසිර යති
 

ශ්‍රී ලංකා නිත්‍ය නාවික හමුදාවේ 228 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 313 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට ඊයේ (11) විසිර යන ලදී.

12 Feb 2017