අතහැර දමා ගිය කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 සොයා ගැනේ
 

උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගත කිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) අලියවලෙයි කළපු ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී අතහැර දමා ‍ගොස් තිබූ ගමන් මළු 2 ක බහාලූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 31 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇත. එම ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරතන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.