නීති විරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත්, කල්පිටියෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික විජය ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (11) ඉලන්තඩිය සහ නොරච්චෝලෙයි යන මුහුදු ප්‍රදේශයන්හිදී බලපත්‍ර රහිතව නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් ඩිංගි යාත්‍රා 2 ක් සහ තහනම් දැලක් ද අත්අඩංගුවට පත් වූ අතර, එම පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය සහ කන්දක්කුලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.