නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමු වේ
 

2017- අමාන් ජාත්‍යන්තර සාගරික අභ්‍යාසයට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා ගොස් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පාකිස්තානු නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කිහිප දෙනෙකු අද (13) හමුවන ලදී. එසේ හමු වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර පාකිස්තානයේ කරච්චි ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් පාරුක් අහමඩ් , පාකිස්තානයේ දියත් විධානය භාර ආඥාපති වයිස් අද්මිරාල් සයිඩ් අරිපුල්ලා හුසානී සහ කරච්චි නැව් තඨාකාංගණ හා ඉංජිනේරු ක්‍රියාකරකම් පිළිබද සමාගමෙහි ප්‍රධාන, විධායක නිලධාරී රියර් අද්මිරාල් සයිඩ් හසන් නසීර් යන නිලධාරීන් වේ.

පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර, ඉතා පුළුල් සහ විවිධත්වයකින් යුත් සබඳතාවයන් පවතින අතර, එය රාජතාන්ත්‍රික, දේශපාලන, වාණිජමය, ආරක්ෂක, මානව සහ සංස්කෘතිකත්වය යන ක්ෂේත්‍රයන් ඔස්සේ විහිදි ඇත. මෙම මිත්‍ර රාජ්‍යන් දෙක අතර, පවතින දිගු කාලීන සබඳතාවය මෙන්ම දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ඔවුන් විසින් මෙහිදී සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡා වලින් අනතුරුව සමරු තිළිණ හුවමාරුද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ලංකාවේ පාකිස්තානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් ද සහභාගී වන ලදී.

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ කරච්චි ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් පාරුක් අහමඩ් මහතා හමු විම

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානයේ දියත් විධානය භාර ආඥාපති වයිස් අද්මිරාල් සයිඩ් අරිපුල්ලා හුසානී මහතා හමු විම

නාවික හමුදාධිපතිතුමන් කරච්චි නැව් තඨාකාංගණ හා ඉංජිනේරු ක්‍රියාකරකම් පිළිබද සමාගමෙහි ප්‍රධාන, විධායක නිලධාරී රියර් අද්මිරාල් සයිඩ් හසන් නසීර් මහතා හමුවිම