නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු උසස් නිලධාරීන් හමුවෙයි
 

සිය පාකිස්තානු නිල සංචාරය අතතුරදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (16) එරට ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානීන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවිය.

ඒ අනුව, පාකිස්තානු ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක නිමැයුම් පිළිබඳ අමාත්‍ය, ගරු රානා තන්වීර් හුසෙයින්, ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහමුද් හයට්, පාකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් මුහම්මද් සඛාඋල්ලා සහ පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමන් යන මහත්වරුන් මෙසේ හමු වී ඇත.

ඔවුන් සමග පැවැත්වූ නිල සාකච්ඡා වලදී දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය පිළිබඳව සහ ද්විපාර්ශවීය වශයෙන් වැදගත් වන කරුණු රාශියක් සම්බන්ධයෙන් ද එහිදී ඔවුන් සුහද කථාබහක නිරත විය. විශේෂයෙන්ම කළාපීය රටවල් අතර ආරක්ෂාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කළ යුතු  ආකාරයත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර හමුදාමය සබඳතා ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ද මෙහිදී අවධාරනය කෙරිණි.

එම අවස්ථාවන් සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරු සිදු වූ අතර, අමාන් 2017 ජාත්‍යන්තර නාවික අභ්‍යාසයට සමගාමීව සිදු කළ මෙම සංචාරය සාර්ථක ලෙස නිමාවට පත් කරමින් නාවික හමුදාධිපතිතුමා අද (17) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු ආරක්ෂක අමාත්‍යංශයේ ආරක්ෂක නිමැයුම් පිළිබඳ අමාත්‍ය, ගරු රානා තන්වීර් හුසෙයින් මහතා හමු විම

නාවික හමුදාධිපතිතුමන් ඒකාබද්ධ මාණ්ඩලික කමිටු ප්‍රධානී, ජෙනරාල් සුභායිර් මහමුද් හයට් මහතා හමු විම

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් මුහම්මද් සඛාඋල්ලා මහතා හමුවිම

නාවික හමුදාධිපතිතුමන් පාකිස්තානු ගුවන් හමුදාධිපති, එයාර් චීෆ් මාෂල් සොහෙල් අමන් මහතා හමුවිම