වැදගත් සිදුවීම්

ලෝක හමුදා දිනය වෙනුවෙන් පැවැත්වූ මාර්ග ධාවනය සඳහා නාවික හමුදාධිපතිතුමා එක්වෙයි
 

ලෝක හමුදා දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2017 අද (18) කොළඹ ගාලු මුවදොර පිටියේදී ආරම්භ වූ අතර, එහි සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා සහභාගි විය.

18 Feb 2017

නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට
 

වයඹ නාවික විධානයට අයත් පුත්තලමෙහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ හලාවත ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (17) මුතුපන්තිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස පොකිරිස්සන් ඇල්ලූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

18 Feb 2017

නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවේ සහාය
 

වයඹ නාවික විධානයට අයත් මුල්ලිකුලම් හි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් ඊයේ (17) කරදක්කුලි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ගස් කැපූ පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ සිලාවතුර පොලීසියේ නිලධාරීන් හට සහාය විය.

18 Feb 2017