හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අයත් මන්නාර‍මෙහි පිහිටි, ශ්‍රී ලංනානෞ ගජබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසකට ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසිය සමග එක්ව කළ වැටලීමකදී ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 4.42 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි. මෙම පුද්ගලයා කොන්දම්පිඩ්ඩි ප්‍රදේශයේදී මේවා අලවී කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ හෙරොයින් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.