වැදගත් සිදුවීම්

ප්‍රථම නාවික හමුදා මැරීන් බලඝණයේ පුහුණුව ලැබූ නාවික පුද්ගලයන් 164 දෙනෙකු විසිර යති
 

වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයක් මත ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ පළමු මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 6 දෙනෙකු සහ නාවිකයන් 158 දෙනෙකු සිය පුහුණුව නිමකොට අද (27) විසිර යන ලදී.

27 Feb 2017

ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති නාවික හමුදාධිපතිතුමා හමුවෙයි
 

ඇමරිකා එක්සත් ජනපද ශාන්තිකර කලාපයේ මැරීන් බලකා නියෝජ්‍ය ආඥාපති, බ්‍රිගේඩීයර් ජෙනරාල් බ්‍රයන් කැවනෝග් මහතා අද (28) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

27 Feb 2017

නාවික හමුදාව දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගනී
 

නැගෙනහිර නාවික විධානයට අයත් නිලාවේලිහි පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ජීවීතාරක්ෂක කණ්ඩායමට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් ඊයේ (27) ගෝපාල්පුරම් මුහුදු ප්‍රදේශයේදී දියේ ගිලෙමින් සිටි දරුවෙකු බේරා ගැනීමට සමත් වී ඇත.

27 Feb 2017