වැදගත් සිදුවීම්

සාර්ථක සංචාරයකින් පසු සයුර නෞකාව යලි දිවයිනට පැමිණෙයි
 

මලයාසියාවේ පැවැත් වූ 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා පසුගිය 14 වන දින ශ්‍රී ලංකාවෙන් පිටත් වූ නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් වන ශ්‍රීලංනානෞ සයුර නෞකාව සාර්ථක සංචාරයකින් අනතුරුව අද (31) නැවතත් කොළඹ වරායට සේන්දු විය.

31 Mar 2017

ජ්‍යෙෂ්ඨ නාවිකයන් 100 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පය මත ආරම්භ කෙරුණු ජ්‍යෙෂ්ඨ නාවිකයින් වෙනුවෙන් පොළි රහිත රු. 500,000.00 ක ණය මුදල ප්‍රදානය කිරීමේ වැඩසටහනේ තවත් එක් පියවරක් අද (31) නාවික හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

31 Mar 2017

නාවික හමුදා ගොල්ෆ් කණ්ඩායම සිය ප්‍රථම විදෙස් සංචාරය සඳහා සහභාගී වෙයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරී ගොල්ෆ් ක්‍රීඩා කණ්ඩායම තායිලන්තයේ බැංකොක් නුවරදී සිය පළමු විදෙස් ක්‍රීඩා තරඟාවලිය සඳහා සහභාගී විය.

31 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත පුද්ගලයින් 8 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (30) සිදු කළ සෝදිසි කිරීමකදී මන්නාරම, වන්කාලෙයිපාඩු මුහුදු ප්‍රදේශයේදී තහනම් දැල් භාවිතා කරමින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරත වූ ලාංකික ධීවරයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

31 Mar 2017

අසාධ්‍ය රෝගියෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාවේ සහාය
 

කටාර් රාජ්‍යයේ සිට දකුණු කොරියාව බලා ගමන් කරමින් තිබූ ග්‍රීසියට අයත් “ALONISSON” නැමති වෙළඳ නෞකා‍වේ සිටි විදේශික පුද්ගලයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්, ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (30) කටයුතු කරන ලදී.

30 Mar 2017

දක්ෂතා දැක්වූ කාන්තා නාවිකයන්හට නාවික හමුදාධිපතිතුමාගෙන් පැසසුම්
 

පසුගිය 17 වන දින සිට 19 වන දින දක්වා මැලේසියාවේ පැවති බෝනියෝ - 7 කාන්තා රග්බි තරඟාවලියේ කුසලාන ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

30 Mar 2017

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් දියේ ගිලෙමින් සිටි විදේශිකයින් 3 දෙනෙකු බේරා ගැනේ
 

මිරිස්ස වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගොස් ජල පහරකට හසු වී ගිලෙමින් සිටි විදේශිකයින් තිදෙනෙකු බේරා ගැනීමට වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමේ නාවිකයන් පිරිසක් අද (30) සමත් විය.

30 Mar 2017

අඹතලේ ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා නාවික හමුදා සහාය
 

අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල ටැංකි පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ (29) ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් අංශයේ සහ ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ‍යේ නාවික පුද්ගලයින් විසින් සිදු කරන ලදී.

30 Mar 2017

ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් නාවික හමුදා අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (29) කීරමුණ්දලම ප්‍රදේශයේ පඳුරක් තුළ සඟවා තිබූ ග්ලයිකොපොස්ෆේට් කිලෝග්‍රෑම් 630 ක් අඩංගු මලු 21 ක් (ග්‍රෑම් 100) සොයා ගන්නා ලදී.

30 Mar 2017

නාවික හමුදා රුවල් යාත්‍රා සංචිතයට ජයග්‍රහණ රැසක්
 

කොළඹ රාජකීය රුවල් යාත්‍රා සමාජය මගින් සංවිධානය කරන ලද “Indian Cup Sailing Regatta - 2017” රුවල් ඔරු තරඟාවලිය පසු ගිය 25 වන දින බොල්ගොඩ ජලාශයේදී පැවැත්වුනු අතර, එහිදී ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට නාවික හමුදා රුවල් යාත්‍රා කණ්ඩායමට හැකි විය.

30 Mar 2017