වැදගත් සිදුවීම්

ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් අද (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

02 Mar 2017

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නෞකාවකට සහ යාත්‍රාවකට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (1) ඩෙල්ෆ් දූපතට දකුණින් සහ වෙත්තලකේනි ප්‍රදේශයට නැගෙනහිරින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයන්හිදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

02 Mar 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද බුද්ධි තොරතුරකට අනුව මීගමුව පොලීසිය හා එක්ව ඊයේ (1) මීගමුව පරගමදේශයේ සිදු කළ වැටලීමක දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4ක් සමග පුද්ගලයෙකුඅත්අඩංගුවට ගන්නා ලදි.

02 Mar 2017