ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් නාවික හමුදාධිපති හමුවෙයි
 

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි, ජාත්‍යන්තර සමුද්‍රීක දූෂණය වැළැක්වීමේ අධ්‍යක්ෂ රයිජී හයියාෂි මහතා ඇතුළු ජපන් වෙරළාරක්ෂක නිලධාරීන් පිරිසක් අද (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමු විය.

එහිදී ඔවුන් ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ වැඩසටහන් නිලධාරී වශයෙන් කටයුතු කරන ශ්‍රී ලංකිකයකු වන ඉන්දික කබ්රාල් මහතාද එක් විය. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.