හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (7) හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

ජා ඇල ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා සහ හෙරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ වෙත භාර දීමට කටයුතු කෙරිණි.