රහසිගත ඉන්ධන ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව වලාන දුෂණ මර්දන ඒකකයේ සහාය ඇතිව සිදු කළ වැටලීමකදී රහසිගත ඉන්ධන ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අද (8) බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා‍ ලදී. මෙම රහසිගත ඉන්ධන ජාවාරම දිර්ඝ කාලයක් තිස්සේ ‍පවත්වාගෙන යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

මෙහිදී, ඩීසල් ලීටර් 6520 ක් සමඟ බවුසර් 2 ක්, ඩීසල් බැරල් 6 ක් (ලීටර් 210), පෙට්රල් ලීටර් 175 ක් සහ ක්ෂණිකව තෙල් පොම්ප කළ හැකි පරිදි විශේෂයයෙන් සකසන ලද විදුලි වතුර පොම්පයක් අත්අඩංගුවට පත් විය. එම පුද්ගලයා සහ භාණ්ඩ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා බියගම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.