වැදගත් සිදුවීම්

රහසිගත ඉන්ධන ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව වලාන දුෂණ මර්දන ඒකකයේ සහාය ඇතිව සිදු කළ වැටලීමකදී රහසිගත ඉන්ධන ජාවාරමක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අද (8) බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා‍ ලදී. මෙම රහසිගත ඉන්ධන ජාවාරම දිර්ඝ කාලයක් තිස්සේ ‍පවත්වාගෙන යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

08 Mar 2017

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික බුද්ධි අංශය වෙත ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් කොළඹ පිහිටි, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (7) හෙරොයින් ග්‍රෑම් 30 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

08 Mar 2017

නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත ධීවරයින් 6 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

ගිණිකොන නාවික විධානයට අයත් ඔලුවිල් නාවික අනුඛණ්ඩය වෙත ලද බුද්ධි තොරතුරක් මත එම ආයතනයට අනුයුක්ත නාවිකයන්, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත නාවිකයන් සහ පාලමුනෙයි ධීවර පරීක්ෂක කාර්යාලයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (07) අක්කරෙයිපත්තු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ලාංකික ධීවරයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Mar 2017