වැදගත් සිදුවීම්

ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් හම්බන්තොටදී
 

ශාන්තිකර සහයෝගිතා වැඩසටහන - 2017 ට සමගාමීව හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරගෙන යනු ලබන ක්‍රියාකාරකම් හි තවත් එක් අංගයක් ලෙස ආපදා කළමණාකරනය පිළිබඳ පුහුණු වැඩසටහනක් අද (13) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

13 Mar 2017

පාකිස්තානු නාවික නෞකාවන්හි අණදෙන නිලධාරීන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
 

සුහද සංචාරයක් සඳහා ඊයේ (12) මෙරටට පැමිණි පාකිස්තානු නාවික හමුදාවට අයත් “සයිෆ්” සහ “නසර්” යන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් වන කපිතාන් ශාහිඩ් ඉක්බාල් සහ කපිතාන් සඛීබ් ඉලියාස් යන නිලධාරීන් අද (13) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමුවිය.

13 Mar 2017