‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේ‍රා මහතා විසින් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.

එම අවස්ථාව සඳහා නාවික සහායක සහ නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරී කපිතාන් රොහාන් ජෝශප් මහතාද සහභාගී විය. නාවික පුද්ගලයන්ගේ පර්යේෂණ දැනුම පුළුල් කිරීම හා නව පර්යේෂණ කෙරෙහි නැඹුරුතාවය වර්ධනය කිරීමේ අරමුණින් ‘නාවික ජර්නලය’ ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරුණි.