වැදගත් සිදුවීම්

මුහුදු සීමා උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 8 කට නිදහස
 

ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිට නිදහස් කෙරුණු ඉන්දීය ධීවරයින් 8 දෙනෙකු යලි එරටට භාර දීම අද (16) ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.

16 Mar 2017

‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපය එළිදකී
 

නාවික හමුදා පර්යේෂණ ඒකකය විසින් ප්‍රකාශයට පත් කෙරෙන ‘නාවික ජර්නලය’ (Navy Journal) තුන්වන කලාපයේ පළමු පිටපත එහි ප්‍රධාන කතෘ කොමදෝරු ප්‍රියන්ත පෙරේ‍රා මහතා විසින් අද (16) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත පිළිගැන්විය.

16 Mar 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් ජනතා අයිතියට පත් කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සංකල්පයකට අනුව නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මගින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 9 ක් අනුරාධපුර, යාපනය, පො‍ළොන්නරුව යන දිස්ත්‍රික්කයන් හිදී පසුගිය දින කීපය තුළ ජනතා අයිතියට පත් කෙරිණි.

16 Mar 2017