ගංජා කිලෝග්‍රෑම් 3 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් එක්ව සිදු කළ වැටලීමක දී ඊයේ (17) ගංජා කිලෝග්‍රෑම් 3.150 ක් සමග පුද්ගලයෙකු, තණමල්විල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.