ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ භාණ්ඩ ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය වෙත රැගෙන ඒමෙන් අනතුරුව ඉදිරි කටයුතු සඳහා ධීවරයින් යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාර දෙන ලදී.