වැදගත් සිදුවීම්

ඕමාන් ආරක්ෂක දුත පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හමුවේ
 

ඕමාන් ජාතික ආරක්ෂක පාඨමාලාවේ උපාය මාර්ගික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ගුවන් කොමදෝරු නසර් ජුමා අල් සජාලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු 17 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් නාවික හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා අද (21) නාවික හමුදා මූලස්ථානයේ දී මුණ ගැසුණි.

21 Mar 2017

ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව ලංග්කාවී වරායට සේන්දු වෙයි
 

මලයාසියාවේ පැවැත්වීමට නියමිත 14 වන ජාත්‍යන්තර සාගරික හා ගුවන් ප්‍රදර්ශණයට (ලීමා 2017) සහභාගීවීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත් වූ ශ්‍රීලංනානෞ සයුර නෞකාව ඊයේ (20) මලයාසියා‍වේ ලංග්කාවී වරායට සේන්දු විය.

21 Mar 2017

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවකට අයත් නාවික පුද්ගලයන් විසින් ඊයේ (20) ඩෙල්ෆ් දූපතට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

21 Mar 2017

නාවික හමුදාව අසාධ්‍ය ධීවරයෙකු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි
 

තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ “විසල් පුතා” නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු අසාධ්‍ය රෝගාබාධයක් හේතුවෙන් ඊයේ (20) රාත්‍රීයේ කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

21 Mar 2017