නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන්‍ දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව උඩප්පුව පොලීසිය සමග කළ වැටළිමකදී ඊයේ (21) නීති විරෝධී පොහොර තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. මෙම පුද්ගලයින් ලොරි රථයකින් පොහොර තොගය ප්‍රවාහනය කරමින් සිටියේදී පේරියපාඩු ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට පත් විය.

එහිදී අත්අඩංගුව ගත් පුද්ගලයින්, ලොරි රථය සහ ඇමෝනියා පොහොර පැකට් 4205 ක් (ග්‍රෑම් 100) ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුන්දලම පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

විදේශයන්හි සිට මෙම විෂ සහිත රසායනික පොහොර සහ වල් නාශක ගෙන එන බවට සැකකෙරෙන අතර, රජය මගින් නිකුත් කර ඇති විශේෂ ගැසට් නිවේදනයකට අනුව ග්ලයිෆොසේට් අඩංගු මෙම රසායනික පොහොර සහ වල් නාශක මෙරටට ගෙන එම විකිණීම සහ භාවිතය තහනම් කර ඇත. කෙසේ වෙතත් කල්පිටිය සහ මන්නාරම මුහුදු බඩ ප්‍රදේශ අශ්‍රිතව මෙම ජාවාරම සිදු කරන බවට වාර්තා පල වී තිබේ.

තවද, මෑතකදී කරන ලද අධ්‍යනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ ශ්‍රී ලකාවේ වාර්ථමාන වකුගඩු රෝගය සඳහා ද රාසායනික පොහොර භාවිතයේ බලපෑමක් තිබිය හැකි බවයි. මෙම මාරාන්තික රෝගයට ගොදුරුවූ දහස් ගණන් ජනතාව ඉන් මුදාගැනීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය පිහිටුවීම මෙහි තවත් එක් පියවරක් වශයෙන් හැඳින් විය හැක.