සැපයුම් සමුළුව 2017 - දෙවන වරටත් ත්‍රිකුණාමලයේදී පැවැත් වේ
 

තුන්වන දීර්ඝ ප්‍රවර්ධන කළමනාකරණ පාඨමාලාවේ ශිෂ්‍ය නිලධාරීන් විසින් සංවිධානය කරන ලද 2017 සැපයුම් සමුළුව සාර්ථකව දෙවන වරටත් ත්‍රීකුණාමලය නාවික සාගරික විද්‍යාපීඨයේ මෙම මස 24 වන දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙවර සමුළුවේ තේමාව වනුයේ “සාගරික සැපයුම් කේන්ද්‍ර කරගත් උපායමාර්ගික සබඳතා ශක්තිමත් කර ගැනීම” යන්නයි.

මෙවර උත්සවයේ ප්‍රධාන ආරධිතයා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගි වන අතර, සමුළුවේ ප්‍රධාන දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ ගමනාගමන සහ සැපයුම් කළමනාකරණ දෙපාර්මේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් එස් කුමාරගේ මහතා විසින් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ සැපයුම් අංශයේ වෘත්තිකයන්, විද්වතුන්, විදෙස් නාවික හමුදා සාමාජිකයන් යුද, ගුවන් හමුදා සාමාජිකයන් ජාතික හා පෞද්ගලික විශ්වවිද්‍යාල නියෝජිතයන්, රජයේ ආයතන සහ ප්‍රසිද්ධ ආයතන රාශියකින් මෙන්ම මේ පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශවකරුවන් රැසක් මෙවර සමුළුවට සහභාගී වීමට නියමිතය.