වැදගත් සිදුවීම්

නාවික හමුදාධිපතිතුමාගේ ගිණිකොන නාවික විධාන සංචාරයට සමගාමීව විවෘත කිරීම් රැසක්
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඊයේ (26) ගිණිකොන නාවික විධානයේ සංචාරයක නිරත වන ලදී.

27 Mar 2017

තංගල්ල නව නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව විවෘත කෙරේ
 

ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් තංගල්ල පරණ උසාවි ගොඩනැගිල්ල නවීකරනය කරමින් ස්ථාපනය කරන ලද නාවික නිවාඩු මධ්‍යස්ථානය සහ උත්සව ශාලාව ඊයේ (26) නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විසින් විවෘත කරන ලදී.

27 Mar 2017

ඇමරිකානු නාවික හමුදාවේ "කොම්ස්ටොක්" නෞකාව කොළඹ වරායට පැමිණෙයි
 

ඇමරිකානු නාවික හමුදාවට අයත් “කොම්ස්ටොක්” යුද නෞකාව පුහුණු සංචාරයක් සඳහා අද (27) කොළඹ වරායට සේන්දු වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

27 Mar 2017

ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව ගිණිකොන නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (26) ගංජා කිලෝග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් 2 දෙනෙකු තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

27 Mar 2017

නාවික හමුදා තොරතුරක් මත හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් සපයන ලද ‍තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) වැල්වැටිතුරේයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

27 Mar 2017

පුහුණු සංචාරයක් සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් දර්ශක් නෞකාව කොළඹ වරායට
 

ඉන්දීය නාවික හමුදාවට අයත් “දර්ශක්” නෞකාව අද (27) පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙන ලද අතර, නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

27 Mar 2017