නාවික හමුදා තොරතුරක් මත හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

උතුරු නාවික විධානයට අයත් නාවිකයන් පිරිසක් විසින් සපයන ලද ‍තොරතුරකට අනුව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අද (27) වැල්වැටිතුරේයි ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1.5 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ හෙරොයින් තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු පේදුරුතුඩුව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.