කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වයඹ නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ පුත්තලම විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් එක්ව කළ වැටලීමකදී අද (28) කේරළ ගංජා කිලෝග්‍රෑම් 5 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු නවගත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී. වෑන් රථයකින් මෙම කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී මොවුන් මෙලෙස අත්අඩංගුවට පත් විය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා ආනමඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.