ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි. එහි එක් ව්‍යාපෘතියක් ලෙස වකුගඩු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති ප්‍රදේශයන්හි ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලනු වස් එම ප්‍රදේශයන්හි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීම හදුන්වා දිය හැක. ඒ අනුව මහියංගණය බ/අලුකැටියාව ප්‍රාථමික විද්‍යාලය, බ/අබේපුර විද්‍යාලය, බ/නාගදීප යාය 1 ප්‍රාථමික විද්‍යාලය, බ/දික්යාය විද්‍යාලය, බ/ආඳාඋල්පත ජාතික පාස‍ල සහ පදවිය, ගල්කුලම 62 වන යුධ හමුදා සේනාංකය යන ස්ථාන වල ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 6 ක් ඊයේ (28) ජනතා අයිතියට පත් කෙරේ.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර මගින් පාසල් ළමුන් 1878 කට, ගුරුවරුන් 134 කට සහ පවුල් 1724 කට සිය පිරිසිදු පානීය ජල අවශයතාවය පසුරා ගැනිමට හැකි වනු ඇත.

* බ/අලුකැටියාව ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 70 කට, ගුරුවරුන් 8 කට සහ එම ප්‍රදේශයේ පවුල් 226 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට හැකිවේ.

* බ/අබේපුර විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 243 කට ගුරුවරුන් 22 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 450 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට හැකිවේ.

* බ/නාගදීප යාය 1 ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 80 කට ගුරුවරුන් 7 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 220 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට හැකිවේ.

* බ/දික්යාය විද්‍යාලයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 85 කට ගුරුවරුන් 12 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 108 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට හැකිවේ.

* බ/ආඳාඋල්පත ජාතික පාසලේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් එම පාසලේ ළමුන් 1400 කට ගුරුවරුන් 85 ක් සහ එම ප්‍රදේශයේ පවුල් 720 කට පිරිසිදු පානීය ජලය ලබා ගැනිමට හැකිව ලැබී ඇත.

තවද 62 වන යුධ හමුදා සේනාංකයේ ස්ථාපිත ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍රය මගින් යුධ හමුදා සාමාජිකයින් 325 කට සහ එම ප්‍රදේශයේ පවුල් 320 කට ඔවුන්ගේ සිය පිරිසිදු පානීය ජල අවශතාවය සපුරා ගැනිමට හැකි වනු ඇත.

මෙම ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර ස්ථාපිත කිරිම සඳහා ජනාධිපති වකුගඩු රෝග නිවාරණ කාර්ය සාධන බලකාය විසින් මූල්‍යමය දායකත්වය ලබා දී ඇත.

මේ දක්වා මෙවැනි ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 176 ක් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි ස්ථාපිත කර පවුල් 81619 කට හා පාසැල් දරු දැරියන් 64581 කට වැඩි පිරිසකට සිය පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදාව කටයුතු කර ඇත. තවද, ඉදිරියේදීත් මෙවැනි ජලපිරිපහදු යන්ත්‍ර ස්ථාපනය කිරීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටී.