වැදගත් සිදුවීම්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මුලන්කාවිල්, පොලිසියේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) කිලිනොච්චිය, මුලන්කාවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8.275 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇත.

01 Apr 2017

ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 3 ක් ස්ථාපිත කෙරේ
 

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ මගපෙන්වීම යටතේ නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් ප්‍රජා සත්කාරක සේවාවන් කීපයක් සිදු කරගෙන යනු ලබයි.

01 Apr 2017

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික පිරිසක් සහ මන්නාරම, පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් එක්ව සිදු කළ වැටලීමකදී අද (1) මන්නාරම පුද්ගලික බස් නැවතුම්පොළ අසලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

01 Apr 2017

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ටෙරුසුකි නෞකාව කොළඹ වරායට පැමිණේ
 

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බළකායට අයත් ‘ටෙරුසුකි’ නෞකාව සුහදතාවය වර්ධනය කරගැනීම හා පුහුණු සංචාරයක් සඳහා අද (1) කොළඹ වරායට සේන්දු විය.

01 Apr 2017